පිනි කඳුළු වැල් ගලා හැලෙනා වළා සළුව පිට
දුරුතු
සඳ එබී බලනා අහස් නිල්ල යට
උඳුපියළි
නිල්ල අත වනනා සඳ සාවියකට
වලිකුකුළු
රෑන් පොරකනවා පාර කියන්නට
තරු
කැකුළු නෙළා අමුණාගෙන ගෙලේ බඳින්නට
රතැඹුලක්
විලක බලා හිඳී අතපැන් වැඩුමට
රළ
පතර හරි සැරයි සිඳු මැද පුංචි කොදෙව්වට
ඇවිදින්න
එපා සෙවැනැළි ලුහුබඳින වෙලාවට
සඳ
පතක් වගේ මෝදු වෙලා මහද දනව්වට
මඟ
බලා හිඳිමි නුඹ එනතුරු අඳුර බිඳින්නට
කිරි
කවඩි ඉහුණ වැලිතල මත පය ඉක්මක්
කොට
මගෙ කුමාරියේ
හිනා දොලක් වෙලා වඩින් හෙට
මල්ලිකා එම් බණ්ඩාර
02 . 01. 2018
No comments:
Post a Comment