Monday, 16 April 2018

නව සඳ​


පිනි කඳුළු වැල් ගලා හැලෙනා වළා සළුව පිට​

දුරුතු සඳ එබී බලනා අහස් නිල්ල යට​

උඳුපියළි නිල්ල අත වනනා සඳ සාවියකට​

වලිකුකුළු රෑන් පොරකනවා පාර කියන්නට​

 

තරු කැකුළු නෙළා අමුණාගෙන ගෙලේ බඳින්නට​

රතැඹුලක් විලක බලා හිඳී අතපැන් වැඩුමට​

රළ පතර හරි සැරයි සිඳු මැද පුංචි කොදෙව්වට​

ඇවිදින්න එපා සෙවැනැළි ලුහුබඳින වෙලාවට​

 

සඳ පතක් වගේ මෝදු වෙලා මහද දනව්වට​

මඟ බලා හිඳිමි නුඹ එනතුරු අඳුර බිඳින්නට​

කිරි කවඩි ඉහුණ වැලිතල මත පය ඉක්මක් කොට​

​මගෙ කුමාරියේ හිනා දොලක් වෙලා වඩින් හෙට​




මල්ලිකා එම් බණ්ඩාර

02 . 01. 2018

No comments:

Post a Comment