පුදා සෙනෙහස සිත්තරෙකු හට නොදුරු පිදුරංගල
ගමේ
කෙකිණියක සේ බලා හිඳ දිය මංකඩේ දෙණිපෙත ඉමේ
සොඳුරු පැල්පත තනාගෙන රන් රස විලස හිඳිනා
සමේ
මහද පිපිමල පැහැර ගත් බව හැඟුණි ඉර බට
කණිසමේ
උනා පිළිකඩ වැවේ දිය කෙළිනා
හිනා බිඟු දැල් තමර පෙති සිඹිනා
කිඳුරු යුවළක සදිසි රූසිරිනා
ලොබ බඳින්න'ති අප දුටුව සැණිනා
ඉනාවක්වී දිනා ගන්නට තුනු රුවක අරුණා
අමාවකදා කැඳෙව්වේ ගිරි කුළට අප දෙදෙනා
ගිරි බඳේ සිතුවම් කරන්නට
වාසලෙන් ආ නියෝගෙන්
ගියා කස්සප කුමරු හමුවට
වලප්නා සිත් වියෝගෙන්
එදා සිට අද වනතුරාවට
වෙළී දැවෙනා ළසෝ ගිනි මැද
ලෙනක සිරගතවී හිඳින මුත්
ඔහුගෙ රුව නෑ ඇස ගැසෙන්නට
කිරුළ අබියස දණ නමන්න'තිඔහුගෙ රුව නෑ ඇස ගැසෙන්නට
ප්‍රේමයේ අබිමන් බිඳෙන්න'ති
දුබල මුව දොරගුළු වැටෙන්න'ති
අපේ සිහිනය බොඳව යන්න'ති සිඳී යාදිය නොහී ප්‍රේමය
මගේ රුව ගිරි බිත අඳින්න'ති
ඔහු නෙතට හුරු නියාවෙන්
බිඳී ගිය හද පිරිමදින්න'ති
සැලෙන අත රැඳි තෙළි
තුඩින්...
ගෙවී ගිය සිය වසක් පාසා
නැවත ඒදැයි මඟ බලා හිඳ
අගතියට පත් පාර්ශවයෙන්
අගතියට පත් පාර්ශවයෙන්
කෙරෙන ආයාචනය අසනුව;
තුලාවක් අත, වැසූ යුගනෙත
අතුරුදන්වූ මගේ හිමි සඳ
සොයා ගන්නට පිහිට වුවමැන
මල්ලිකා එම් බණ්ඩාර
No comments:
Post a Comment