වැඩිදා පළමු පෙම්පත දෝතට මාගේ
නුඹ ඉඟි කරපු හැටි මතකයි අද වාගේ
පෙම් කව අතර මඟ නිමවී හඬන සඳ
නුඹ මහ මෙරක් සේ හිටියා පසෙක හිඳ
දබරින් ගිය වෙලේ ඔහු තනිකර මාව
නුඹ මා සැනසුවා මුමුණා කවි ගීත
පෙන්වාදුන් වෙනස උණුහුම සහ සීත
නුඹ හැර නොවුණි ඉටු දෙවියෙකු ළඟපාත
පන්නම් පැදුරු මහ රෑ මැද වියාගෙන
දුරබැහැරක ගිහින් බර හිස තියාගෙන
රෑබෝ වෙලා එන පණමක් හොයාගෙන
මා නිදි කෙරෙව්වා තුරුලේ හොවාගෙන
විල්ලුද බුමුතුරුණු නැති පා සිපගන්න
කස්තුරි කොකුමඟර නැති ගත සනහන්න
ලියකම් කළ සයන නැති මුත් සැතපෙන්න
නුඹ විය කළණ මිතුරා මගෙ දුක දන්න
බාලේ ඉඳන් නුඹෙ උණුහුම ලැබුණාට
උකුලේ හොවා මගෙ දුක සැප දැරුවාට
වියපත්වෙලා මා නුඹ හැර යන දාට
ලණු ඇඳ නාඬන්න තනිකම දැනුනාට
මල්ලිකා එම් බණ්ඩාර
14. 01. 2018
No comments:
Post a Comment