කැඩපත මගේ වුණත් නුඹේ මුහුණ
බලාපන්න
පිළිබිඹුවකට හැකිය නුඹේ විදිය කියා
දෙන්න
මල් පෙති මෙළෙක රැඳුන කෙම්බිම අරක් ගන්න
විසකුරු වන සතුන්ව එන මං පිටුදකින්න
කටමැත දොඩන උන්ට නොගොහින් ආවඩන්න
දුක සැප ජය පැරැදුම දෙක එකසේ දකින්න
දැක මගෙ පමා දෝස හරි නෑ
තළුමරන්න
නුඹෙ මිරිවැඩි සඟලේ එපා අනික් අය දමන්න
ගත්තොත් ගලක් අතට ගහපන් ඉලක්කෙටම
පළවෙනි ගල ගහන්න පව් නැති කෙනෙක් වෙන්න
කුණු ටික හිස තියාන "ඉස් ඉස්"
කියන්නෙපා
තමන් ගෙ කුණු පෙනේවි වක්කඩ අරින්නෙපා
මල්ලිකා එම් බණ්ඩාර
12. 12. 2017
No comments:
Post a Comment