Sunday, 1 April 2018

එකලාව​



සරද සඳ​ දියවරින්
මිහිතලය සනසනා
මැදින් පුරසඳ පළුව​
අහස් බඳ බබලනා
තුරුලතා වියන යට  
මල් දමින් සරසනා
විරාමය මදින් මද 
ගෙවෙන බව වැටහුණා  

එලා වැරහැලි පැදුර​
අම්බලම කෙලවරේ
අමා පල නෙළන්නට
පින් පිරුණ​ සුරපුරේ
විමානෙක හීන දැක​
නිදි නොමැති ගනඳුරේ
හිඳිමි ඇසෙනා තුරා 
සුරල් හඬ පෙරහැරේ 

නිමා නැති ගමන  
නියතව ගලායනු මිසක​
පමා කළ නොහැක 
වන පෙත සමඟ​ දොඩමලුව
අමාවක දිනක දල්වා
අතින් ගිනි සිළුව​
තුළාවේ බර වැටෙන 
අතට යමි යූහුසුලුව​

තනිව ආ බව දනිමි
නොබලාම සුබ නිමිති
තනිව යන්නට හැරෙමි
නොතියාම පෙර නිමිති

මල්ලිකා එම් බණ්ඩාර​ -

31. 03. 2018




No comments:

Post a Comment