Tuesday, 3 April 2018

සමු නොදුන් මිතුරා


කියාගන්නට දහක් දේ ඇතත්
එකතු වෙන්නට මඟක් අපට නැති
එකතුවූ කෙනෙහි වුව
හිතේ හැටියට යමක් කියන්නට
ඉසිඹුවක් නොතිබුණෙන්

​කාලයේ ඇවෑමෙන්,
අසා ගතයුතු දේම මඟෑරුන බව දැනී
යම් දිනක හිතට දුක දැනෙනු ඇති
ගිළිහුණේ කුමක්දැයි නොදනිතත්
එය මහඟු දෙයක් බව සිතෙනු ඇති

පහන් වැට පාමුළේ සෙමෙන් පිය නඟන විට​
අඳුර යනු කුමක්දැයි නොවැටහෙන්නටත් ඇති
පහන් සිළ දැවී ගොස් අඳුර මැද තනි වෙද්දි
සමු නොදුන් මිතුරාව හිතට ගොඩ වෙන්න ඇති

දැහැන් ගත කරන සිත අවදි වුණ මතකයක​
සිහින් සුවඳක් වගේ තනි වෙච්ච වෙලාවක​
බිඳුන වර පට මිසක​ බැඳුන ඉණිමං නොමැති
මියැදි ඊයේ මෙන්ම අදක් මිස හෙටක් නැති
ජීවිතය යනු කිමැයි හැඟෙන  විට​
සමුනොදුන් මිතුරා 
අපකෙරෙන් දුරස්වී හිඳිනු ඇති

මල්ලිකා එම් බණ්ඩාර


03. 03. 2018



No comments:

Post a Comment