Friday, 6 April 2018

උමතුව


හැතපෙන බත ලිප තියාන​
පලා ඇඹුලකුත් හදාන
කිරිදරුවන් රැක බලාන
නුඹ එනතුරු මඟ බලාන​

මතු බුදුවේයයි පතාන​
නින්දා ගැරැහුම් දරාන​
මුව පොව්වක සේ හඬාන
දුක මිහිරක් යයි හිතාන​
දසක ගණන් ගතව ගියා​
මම තවමත් මඟ බලාන​

නුඹ උමතුව සිටිනා බව​
හාංකවිසියක් නොමැතිව​
දේව දාසියකවූ මුත්
දෙවොලේ පුදපෙත් පුරාන​

කුරුස ගහේ මා නංවා
මිටිපහරින් තඩිබානා
දෑත දෙපය පමණක් නොව​
මගෙ හදවත සිඳ මඩිනා

සිහසුන කිරුළද හැරදා
මට පෙම්කළ දිවි පරදා
පෙරුම් පිරූ සංසාරේ
නුඹමද මගෙ ඇත් රජිඳා?

මල්ලිකා එම් බණ්ඩාර​ - 

04. 04. 2018

No comments:

Post a Comment