1980 ගණන් වන
විට අපොස උසස් පෙළ විෂය සම්බන්ධ තීන්දු තීරණ ගත්තේ විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරු
විතරයි. පසු කාලයේ ඒ ඒ විෂය සම්බන්ධ පාසල් මට්ටමේදී ඇතිවන ගැටළු අවම කිරීම සඳහා ගුරුවරුන් ගේ අදහස් විෂය සංවර්ධන ක්‍රියාදාමයට සම්බන්ධකර ගැනීමේ අවශ්‍යතාව පෙනීගොස්
තිබුණා. ඒ අනුව දේශපාලන විද්‍යා විෂය සඳහා මුලින් පේරාදෙණිය
විශ්ව විද්‍යාලයෙන් Prof.ජයසිංහ, Prof. විශ්වා වර්ණපාල, Prof. රංජිත් අමරසිංහ සහ Prof.
අමරසිරි ද සොයිසා, කොළඹ විශ්ව විද්‍යාලයෙන් Prof. ජයදේව උයන්ගොඩ යන
විශ්ව විද්‍යාල ආචාර්යවරු පමණක් සහභාගිවුණත්, පසු කාලයේ එම කටයුතු මහරගම ජාතික අධ්‍යාපන ආයතනයට අනුබද්ධිත විධිමත්
කමිටුවක් විධියට ස්ථාපිතකරනු ලැබුවා. එම කමිටුවට දිවයිනේ පළාත් තුනකින් ගුරු
භවතුන් තුන් දෙනෙක් නියෝජිතයින් වශයෙන් තෝරා ගනු ලැබුවා. ඒ අතර පිරිමි ගුරුවරු දෙදෙනෙක් සහ මමත් ඇතුළත්ව හිටියා.
බෞද්ධාලෝක මාවතේ පිහිටා තිබු “Curriculum Centre”එකේ රාජකාරියකට මම සම්බන්ධ වුණේ
එහෙමයි. 1988 - 89 කාලෙදිත් එක දවසක එවැනි රාජකාරියකට මා යායුතුව තිබුණා. මේ කතාව මම ඇහුවෙ එහෙම යන අතර වාරෙදි.
ඒ කාලෙ කෝච්චියේ යන ගුරුවරුන්ට පාස් එකක් නිකුත්
කළා අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන්. ඉතින් මම මහනුවර හෝ පේරාදෙණිය රේල්වේ ස්ටේෂන්
එකෙන් මහනුවර-කොළඹ “intercity train” එක ගත්තා. ඉතින් ඔය කියන දවසෙත් එක ආසනයක මම තනිවම වාඩි වෙලා ටික දුරක් මඟ විසිතුරු බල බලා ගියා. එහෙම යද්දි මට මතක්වුණා දිනට නියමිත වැඩ සටහනට අදාල කරුණු වගයක් කියවා ගත්තනං හොඳයි කියලා.
ඉතින් මම සටහන කියවන්ට පටන් ගත්ත. තත්පර තිහක් ගියෙ නෑ. මගේ උරහිසට අත තියලා "ඒයි!
මම අඳුනන්න පුළුවන්ද" කියලා කාන්තාවක් මගෙන් ඇහුවා. සාමාන්‍යයෙන් මෑත කාලේ කවුරුවත් එහෙම කතා කරලා නෑ මගේ මතකේ හැටියට. ඒ කාලේ මට සමීපව ආශ්‍රය කරන "යාළුවෝ" කියලා ජාතියක් හිටියෙ නෑ. සාමාන්‍යයෙන් එහෙම අහන්නෙ, අපිත් එක්ක පේරාදෙණිය විශ්ව
විද්‍යාලයේ හිටපු කෙනෙක් විතරමයි කියලා මට හිතුන. සුළු මොහොතකින් මට ඇයව ඇඳිනගන්න පුළුවන් වුණා.
"මේ අනුප්නෙ"! මමත් පස්වණක් ප්‍රීතියෙන්, ඒත්
ටිකක් සන්සුන් ස්වරයෙන් කීවා.
අනූප් මාව seat එකේ ටිකක් එහාට තල්ලු
කරලා එයත් එතැනම වාඩිවුණා. එයාගෙ නම අනුපමා. කැම්පස් එකේදි, අපි ඒක ටිකක් “කුල්ට්” විදියට
"අනූප්" කියලා භාවිතා කළා. එතකොට හින්දි ගතියකුත් එනවනෙ.
ඉතින් අනූප් "අපේ කෙනෙක්"! කැම්පස් ව්‍යවහාරය අනුව නම්, ඒ කාලේ තෙලට, බාල්දියට "ගුස්පියට", ඕනම දේකට එකට හිටපු, බජාර් එකේ "හොඳ
කකුලක්"!
මං හිතුවා දැන් ඉතින් කි. මී. 115 ක් යන එක කජ්ජක් නෙවෙයි කියලා. ඉතින් අපි දෙන්නම අවුරුදු දොළහක දහතුනක විතර
ආගිය තොරතුරු කතා කරමින් කාලෙකට පස්සෙ සරසවි වටපිටාව දෙවනත් කළා. සාමාන්‍යයෙන් ඔය
කාලෙ වෙනකොට මම ඇන්ඳේ,
පැළැන්ඳේ,
කතා බහ කළේ වුණත් සැලකිල්ලෙන් තමයි. එහෙම වෙන්න හේතු කීපයක් බලපාන්න ඇති. විශේෂයෙන් වෘත්තියෙන් ගුරුවරියක වීම, අනික් අතින් මැදිවීයට සමීපයි...බිරිඳක්,
තිදරු මවක් නිසා වෙන්න ඇති. ඒකට මගෙ බැචා, අනුපමා හරියට, 'wind' කරපු කතාපෙට්ටිය වගේ. සරසවියේ ආගිය කතා කියන අතරෙම මට හරි
අපූරු කතාවක් කීවා. මෙතැන් සිට මගේ කෙටි මැදිහත් වීම් ඇතුළත්ව ඇයගේම වචනයෙන් එක
අකුරක් අඩු නැතුව කතාන්තරයේ, නිධාන කථාව: පටන් ගත්තේ මෙන්න මෙහෙමයි.
"මේ, ඔයාට මතකද, අර කෛලාසෙ හොල්මන? අර අපේ දෙවෙනි අවුරුද්ද අග හරියේ, මහ රෑ පර්ල්ලගෙ රූම් එකට ඇතුළ් වෙන්ට හදපු හොල්මන?”
"මේ, ඔයාට මතකද, අර කෛලාසෙ හොල්මන? අර අපේ දෙවෙනි අවුරුද්ද අග හරියේ, මහ රෑ පර්ල්ලගෙ රූම් එකට ඇතුළ් වෙන්ට හදපු හොල්මන?”
අනුප් මගෙන් ඇහුව. මට පටස් ගාලා මතක් වුණා! දසකයකට
වැඩි වුණත් මට සරසවියේ ගතකළ කාලය පොතක ලිව්වා වගේ මතක් කර ගත හැකියි.
“ඔව්! ඔව්! මට මොකද අමතක”.
කියන ගමන් මමත් හොඳට හරි බරි ගැහිලා උපාසකම්මලා බණ අහන්ට ලක ලෑස්ති වෙනව වගේ සූදානම්
වුණා සවන් දෙන්න. අනික් අතට, අනූප්ගෙ කතා අහලා හොඳ පුරුද්දකුත් මට තිබුණා. තුන්තිස් පැයේ බණකට, පිරිතකට ලෑස්ති වෙනව වගේ අපි ඒකාලෙත් අනුප්ගෙ කතා අහන්න එකතු වුණා කෛලාසෙට.
“එතකොට ඔයාට මතකද, මුළු හෝල් එකේම girls ලා බයවෙලා මරහඬ දුන්න
හැටි?”
“ඔව්! කෛලාසෙ අය කෑගහපු කෑගැහිල්ලට, අපිත් දිව්වනෙ කෛලාසෙට.
“මතකද, අපේ
සබ්වෝඩ්න් මිස් මල්ලිකා, වෝඩ්න් මිසිස් කුක් එහෙම
ඇවිත්, කිචන් එකේ වැඩකරපු සුළු සේවකයෝ හිට
ඇවිත්, හැමතැනම search කරපු හැටි!”
“අය්...යෝ. අපි බය වුණ තරමක්!”
“ඊළඟට මාර්ෂල් එකට ටෙලිෆොන් කරලා “security search එකකුත් දැම්මනෙ”. අනූප් සවිස්තරාත්මකව කතාවේ පසුබිම සකස් කරනව.
“ගඟ පැත්තෙත් එක්ක චෙක් කළා මට මතකයි එදා රෑ”. මමත්
සම්මාදන් වෙනව. හරියට උපාසකම්මලා මල් වට්ටියට අතගහනව වගේ.
“ඔයා දන්නවද, එදායින් පස්සෙ කෛලාසෙ, සෙට් එකේ කවුරුවත් තනියම බාත් රූම්
එකකටවත් ගියෙනෑ හවසට. කාමරවල දොරවල් දවල් කාලෙත් ලොක් කළා”.
"ඔව්!ඔව්! මටනං පර්ල් නිතර මුණ ගැහෙනව. එයා “convent” එකේ
වැඩ කරන්නෙ". මම අනුචිත මැදිහත් වීමක් කළාද මන්දා...
“ඔව්! මටත් මුණගැහුණා අවුරුද්දකට විතර ඉස්සර”. අනූප් හයියෙන් හිනා වෙවී කීවා
“ඉතින්?”මට ඉවසිල්ලක් නෑ.
“ඉතින් මං ඇහුව
අර රාමනාදන් හොල්මන මතකද කියලා”. අනූප් වීරයා වගේ කියවනව .
“අපෝ ඔයා මගෙ ලේ හින්ඳෙව්වනෙ එදා” කියලා පර්ල් අතේ තිබුණ
කුඩේ උස්සලා මට ගහන්න එලෙව්වා. අර “convent” එක ඉස්සරහ බස් හෝල්ට් එකේදි. අයියෝ...ඉතින්
මම දිව්වා!”අනූප් එහෙම කීව.
මටත් හිනා ගියා. අපි දෙන්නම එක්ක එකතු වෙලා මහ හයියෙන්
හිනාවුණා.
අනුප්ට තිබුණ අමුතු හිනාවක්. නිකං "උහ් - උහ්- උහ්
" ගාලා ප්‍රමාණයටත් වඩා හිනාවෙන බව පෙන්නන්ට හදන හිනාවක් ඒක. මම හොරෙන් වගේ
වටපිට බැලුවා. මිනිස්සුත් අපි දිහා බලනව. අනික් මිනිස්සුන්ට ඇහෙයි, පෙනෙයි කියලා
එයාට වගේ වගක්වත් නෑ.
“අහුවෙන්න එපා! කොයිවෙලාවක හරි දෙනව හොඳ පාරක් මං බය කළාට
" කියලා පර්ල් නතර වුණා. ඒ වුණාට මට දුක හිතුණා පර්ල් ගැන”.
ඉතිං... ඉතිං... මං ඇහුව.
“ අනේ පර්ල් මට සමාවෙන්න! ටික දුරක් දුවලා ආපහු ඇවිත් මං
කීවා” අනූප් දුකෙන් වගේ කීවා.
"ඉතින් ඔයා කොහොමද ඒ හොල්මන් කතාවට සම්බන්ධ වෙන්නෙ?"
මම අනුප් ගේ කතාවේ ගලා බැස්මට බධා කරමින් ප්‍රශ්නයක් දැම්මා.
මම අනුප් ගේ කතාවේ ගලා බැස්මට බධා කරමින් ප්‍රශ්නයක් දැම්මා.
“මෙහෙමනෙ, ඒ
අපේ දෙවන අවුරුද්දේ අවසාන වාරයනෙ. හැමෝම
විභාග වලට ලෑස්ති වෙනව. මාත් මගේ රූමත් මාරුවෙන් මාරුවට ක්‍රෑම. එක් කෙනෙක් නිදා ගන්නතුරු
අනික් එක්කෙනා පාඩම් කරනව. එයාට නිදිමත දැනෙන කොට, නිදාන ඉන්න එක්කෙනාව ඇහැරවනව. ඉතින්
එදා මගෙ රූම්මේට් තිලකා හොඳටම නිදි. මටත් කම්මැලියි වගෙ පාඩම් කරන්න”.
“ඔයාට මතකනෙ, අපේ රූම්ස් තිබුණෙ 2nd floor එකේ, කොමන් රූම් එක පැත්තට මූණ දාලා. ඉතින් මට හිතුනා පොඩි පහේ තෙලක් බෙදලා එන්න කයිලාසෙ ඇත්තොත් එක්ක. හෙමින් දොර ලොක් කරලා කොරිඩෝව දිගේ එනකොට මං දැක්ක කයිලාස වාසියෙක්! ඒ කියන්නෙ පර්ල්, පඩි පෙළ දිගේ උඩට යනව. එයා බෝයිෆ්‍රෙන්ඩ් එක්ක ලයිබ්‍රරි එකේ ක්‍රෑම් කරලා එන ගමන්, තල් වැට පැත්තේ එළිමහනේ තව ටික වෙලාවක් ඉඳලා, රෑ දහයට විතර තමයි සාමාන්‍යයෙන් එන්නෙ.
“ඔයාට මතකනෙ, අපේ රූම්ස් තිබුණෙ 2nd floor එකේ, කොමන් රූම් එක පැත්තට මූණ දාලා. ඉතින් මට හිතුනා පොඩි පහේ තෙලක් බෙදලා එන්න කයිලාසෙ ඇත්තොත් එක්ක. හෙමින් දොර ලොක් කරලා කොරිඩෝව දිගේ එනකොට මං දැක්ක කයිලාස වාසියෙක්! ඒ කියන්නෙ පර්ල්, පඩි පෙළ දිගේ උඩට යනව. එයා බෝයිෆ්‍රෙන්ඩ් එක්ක ලයිබ්‍රරි එකේ ක්‍රෑම් කරලා එන ගමන්, තල් වැට පැත්තේ එළිමහනේ තව ටික වෙලාවක් ඉඳලා, රෑ දහයට විතර තමයි සාමාන්‍යයෙන් එන්නෙ.
“දහයෙන් පස්සෙ එළියෙ ඉන්න බෑනෙ. Late pass අත්සන් කරලා
එන්න ඕන අපි වුණත්”මම පණ්ඩිත වාක්‍යයක් දැම්මා.
“ඔව්! හරි ඉතින්! ඔය හුඟක් කපල්ස්, ඇවිත්
සමහර වෙලාවට “main entrance” එක ළඟ දැවැටි දැවටී ඉන්නව. දහයෙන් පස්සෙ “girls”
හොස්ටල් වල boys ලාට ගැවසෙන්ට බෑනෙ. ඒ දෙන්න ගැරැඬියෝ වගේ හැම වෙලාවෙම අත් පටලවා
ගෙනමනෙ ඉන්නෙ. ඉතින් වොචර් කාරයා සුසිල්ට කියනවලු;
"සර් දැන් හරි වෙලාව. සර් දැන් යන්න " කියලා.
"සර් දැන් හරි වෙලාව. සර් දැන් යන්න " කියලා.
මම ආයෙත් සැරයක් ඇස් කරකවලා හීන්වට වටපිට බැලුවා. කාටවත්
ඇහුණාවද්ද කියලා. “අනූප් ගෙ volum එක අඩු කරනවානං” කියලා මට හිතුණා.
“සමහර බෝයිස්ලා ගාණකටවත් ගන්නෙ නැතිලු. අර මනුස්සය
ඉස්සරහම කිස් කරනවලු ටිකක් අසාමාන්‍ය විදියට”.
මම හිනාව තද කරගෙන සාවධානව අහගෙන හිටියා.
“මමත් පර්ල්ට නොදැනෙන්ට එයා පස්සෙන්ම පඩි පෙළ නැගගෙන කෛලාසෙ කොරිඩෝඑකට ගියා, කොහොම හරි, පර්ල් කාමරයට ගිහින් දොර වැහුවේ යතුර, යතුරු කවුළුවේම තියලා. මම දොර ඇරියෙ නෑ, වෙනදා වගේ. සාමාන්‍යයෙන් ඒ දොර හැම වෙලාවෙම ඇරලා තියෙන්නෙ. ඒක නිකම් කඩුගන්නාවේ අම්බලම වගේ, ඕන කෙනෙකුට ගිමන් හරින්ට පුළුවන් තැනක්. ඇවිත් සතුටු සාමීචියේ යෙදිල, කවුරු හරි ඔය යන එන මඟියෙක් ගෙනාව අග්ගලා මුලක් තිබුණොත් ඒකත් ලිහාගෙන කාලා, සාමදානෙන් එකට හිඳ සාමදානෙන්ම විසිර යන්ට සුදුසු "ලිච්ඡවී"පරිසරයක් තිබුණා එතැන”.
“මමත් පර්ල්ට නොදැනෙන්ට එයා පස්සෙන්ම පඩි පෙළ නැගගෙන කෛලාසෙ කොරිඩෝඑකට ගියා, කොහොම හරි, පර්ල් කාමරයට ගිහින් දොර වැහුවේ යතුර, යතුරු කවුළුවේම තියලා. මම දොර ඇරියෙ නෑ, වෙනදා වගේ. සාමාන්‍යයෙන් ඒ දොර හැම වෙලාවෙම ඇරලා තියෙන්නෙ. ඒක නිකම් කඩුගන්නාවේ අම්බලම වගේ, ඕන කෙනෙකුට ගිමන් හරින්ට පුළුවන් තැනක්. ඇවිත් සතුටු සාමීචියේ යෙදිල, කවුරු හරි ඔය යන එන මඟියෙක් ගෙනාව අග්ගලා මුලක් තිබුණොත් ඒකත් ලිහාගෙන කාලා, සාමදානෙන් එකට හිඳ සාමදානෙන්ම විසිර යන්ට සුදුසු "ලිච්ඡවී"පරිසරයක් තිබුණා එතැන”.
අනුප් ගෙ කතා විලාශයට මට හිනා යනව. එයා හරිම
සැහැල්ලුවෙන් හැසිරෙන්නෙ. ඉතින් මගෙ හිතට ආපු සිතුවිල්ල ප්‍රශ්නෙකට හැරෙව්වා.
“මෙහ්! දැන් ඔයා වැඩකරන තැනවත් සංවරෙන් ඉන්නවද”? මම ඇහුව
"හහ්! Office එකේ මම නියම විධායකයා”. අනූප් ඇස් කරකවලා ගාම්භීර පෙණුමක් ආරෝපණය කරගෙන කියනව.
“ඒක හොඳයි! ඉතින් කියන්නකො
හොල්මන ගැන".
“පැය දෙකක් තියෙනව කොටුවට යනකං. ඒක මම කියන්නං හෙමින්
සැරේ”. අනූප් කීව.
මම නිශ්සබ්ද වුණා. සාවධානව අහගෙන ඉන්න බව ඇඟෙව්වා.
“ඔයා දන්නවනෙ, ඔයාට මතක ඇති, ඒ කාලේ කතාවක් තිබුණනෙ, රාමනාදන් එකේ කෛලාසේ
කාමරයක හොල්මන් තියෙනව කියලා”.
" හ්ම්!
හ්ම්! ඔව් මං අහලා තිබුණා".
"ඉතින් ඔය room එකට කීවෙ "ලබු රූම්" කියලා. ඒක
වහලා තිබුණේ. පර්ල්ලගේ රූම් එක තිබුණෙ ඒ ළඟ. එතැන එක පෙළට තිබුණ රූම් හතරක හිටියෙ
අපේ බැච් එකේ අට දෙනෙක්. අට දෙනා වැඩිහරියක් හිටියේ බැල්කනි එකේ. වැස්ස නැත්නම්
රෑටත් බැල්කනියේ ඉඳගෙන පාඩම් කරනව. නැත්නම් ළිඳළඟ සංගමේ. ඔතෙන්ට අපේ “batch” එකේ අය හුඟ දෙනෙක් සෙට් වෙනව. මමත්
නිතර යනව”. අනූප් කෛලාස වාසීන් ගේ ගුණත් වැණුවා.
“මමත් නිතර යනව. ඒ සෙට් එකම හරි හොඳයි”. මමත් ටිකක් වෙන්ට එකතු කළා.
“මමත් නිතර යනව. ඒ සෙට් එකම හරි හොඳයි”. මමත් ටිකක් වෙන්ට එකතු කළා.
“මතකනෙ විනීතා, පර්ල්ගෙ රූමා? විනීතට සාරි ගොඩක් තිබුණා.
හැමෝම එයාගෙ සාරී ගජේ ගහනව සෝෂල් වලට එහෙම”.
අනුප් මගේ මතකයත් ඇහැරවාගෙන ඒ කාලයට ඇදගෙන ගියා.
“මමත් එයාගෙ සාරි ගජේ ගහලා තියෙනවා. ඉල්ලපු ඕන කෙනෙකුට
දෙනවා. ඉතින් අපිමයි සාරිය තෝරාගන්නෙ කබඩ් එක ඇරලා. හරියට shopping ගියා වගේ”. මම කියනව.
එහෙම කියන ගමන් මට විනීතා, පාලී, චින්තා, කුමාරී, සුබද්‍රා, සාමා ගේ මුහුණු එදා දැකපු විදියටම මතකයට නැඟුණා.
“විනීතා මාතරනෙ. එයා ආයේ මුණගැහුණෙම නෑ.” අනුප් එහෙම කීවා.
“ඒ කාලෙනෙ, mini-skirt එකට අමතරව “accordion skirts” ආවෙ. ඉතින් අපි කට්ටියම නුවර ගිහින්
එක්කෙනෙකුට දෙක ගානෙ වෙනස් පාට වලින් “accordion skirts” ගෙනාවා. ඉතින් අපි හැමෝම ගජේ...”
.
අපේ කාලෙ අඩු ආදායම් ලාභී පවුල් වල ශිෂ්‍යයින්ට බැංකු ණයක් දුන්න බව මගේ මතකයට ආව. ශිෂ්‍ය ණය පදනම යටතේ, දුන්න බැංකු ණය වලින් ඉතිරිවෙන මුදලක් ඇත්නම්, ලංකා බැංකු ශාඛාවෙන් අපිට වාරවසානයේ බෙදලා දෙනවා. ඒ කාලෙ ඒක හරියට අපිට පඩි දවස වගේ. අපි එදාට ශිෂ්‍ය අත්පොතත් අරන් ගිහින්, සෙනෙට් එක ළඟ පෝලිමේ ඉඳලා ඒ මුදල ලබාගන්න ගිය හැටි මගේ මතකට ආව. එහෙම පෝලිමේ ඉන්න එකත් මොනතරම් නම් "fun"එකක් වුණාද?
මම "track"එක පැනලා වගේ අනුප්ට දැනෙන්න ඇති!
අනූප් මගෙ ඇලපතට වැලමිටෙන් ඇනලා, මගේ අවධානය එයාගේ කතාවට යොමුකර ගන්න උනන්දු වුණා.
ඉතින් එයා වටපිට බලලා තරමක් මං දිහාට නැඹුරු වෙලා කීව,
“මං අහල තියෙනව ඒ රූම් එක සම්බන්ධ සිද්දියක්. මුලින්ම
රාමනාදන් “Boys’ Hall එකක්ලුනෙ. “එක Boy
කෙනෙක් “hanged himself..., committed suicide”. ඔයාට මතකද
අර හෙන්රි ජයසේනගේ, “අපට පුතේ මඟක් නැතේ” stage drama එකේ තේමාව. ඒක... ඒ කතාවලු…"
අනුප් ඒ කොටස කීවේ හරිම හෙමින්. මගෙ කණට කරලා රහසක්
කියනවා වගේ. ඒ compartment එකේ හිටිය අනික් අයට නෑහෙන විදියට.
Enough for today!
මල්ලිකා එම් බණ්ඩාර
16. 06. 2018
No comments:
Post a Comment