කෙම් බිම් සොයාගෙන ජීවන සහරාවේ
බෝතල් කටෙන් යන්තම් ඇතුළට ආවේ
දස දිග් බාගයෙන් ආ අපි ලංකාවේ
නාදන් යකුන්ගෙන් හොඳටම රැග කෑවේ
ඇති වෙන තුරා දුටු තැන බකටුත් කෑවේ
ගට වැඩි වෙන්ට නම් ඒකයි බලපෑවේ
"ජෙලටයි" උත්තමාවන් වලියට ආවේ
ඒකයි රැයක් අපි උන්ටම හූ කීවේ
සති අන්තයේ තෙල් බෙදනා හැන්දෑවේ
"තෙල්
පිරිපහදුවේ" රැස්වීමට ආවේ
දෙමළිචි රැලක් වාගෙයි දොඩමළු වූවේ
මදි නොකියන්ට අපිමයි ඇදගෙන නෑවේ
ගී පද ගොතා නරි නාටක රඟ පෑවේ
පැරපට් එකේ ඉඳගෙන අපි කවි කීවේ
උරුවම් බබා බොරු බේගල් ඇද බෑවේ
නැටුවෙත් ජොලියටයි නාදන් කොරිඩෝවේ
මල්ලිකා එම් බණ්ඩාර
08.06. 2018
No comments:
Post a Comment