ඉමක් නොපෙනෙන සසර කතරේ
කෙම් බිමය පැන් සනහනා
නිමක් නැති මේ වන්දනාවේ
සැරයටිය වෙමි දිරි දෙනා
සොයා යන රන් දෙවොල අභියස
වැඩ හිඳින දෙවි නන්දනා
ගිමන නිවනා තුරු වදුළ වෙමි
මද පවන් රැල් රන්දනා
වරෙක තනිවී දෙපය පැටලී
අතරමං වී ළතැවෙනා
විටක තරු එළි නිවී ගිළිහී
දෙරණ පතිතව මියැදෙනා
මඟක් නැති දළ වැලි තලාවේ
බිඳෙන පියමං ඇහිඳිනා
හිඳිමි තවලම කැටුව නුඹ ගැබ
තරු පෙළක් වී දිළියෙනා
ඇදෙමි නොනැවත
වළාවක්සේ
නුදුරු අහසේ දිස්වෙනා
රැඳෙමි ගම් බිම් දොවා ලන්නට
දිනක මල් වැහි වස්සනා
මල්ලිකා එම් බණ්ඩාර
28. 06. 2018
No comments:
Post a Comment