කාලයේ අව් වැහි සුළං
සීත හිම පතනයෙන් මිරිකී
සියොලඟම කළඹවා
සීත හිම පතනයෙන් මිරිකී
සියොලඟම කළඹවා
මගේ සිතුවිලි පියාපත් ලැබ
පියාඹා යන අනන්තයටම
නුඹ වසන්තය විය
අතු පතර නළවන
කොවුල් තනුවෙන් සවණ
සනසන
ජීවිතය සෙනෙහසින් පුරවන
මී විතක් බඳු ගීතයක් විය නුඹ
ජීවිතේ පිටු පුරා ලියවුණ
කුරිරු විසකුරු සපෙක් විය යළි
මගේ හද සිඳ බිඳ සපාකන
සඳුන් තුරසේ වැඩෙන ලියලන
මතක අතරේ සුවඳ තවරන
මගේ සන්තානයම සරහන
ඈත ඉඳ හිනහෙන
ඈත ඉඳ හිනහෙන
පහන් තරුවක්ව දිළිහෙන
නුඹ සන්නසක්,
නුඹ සන්නසක්,
නුඹ සෙල් ටැඹක්
අනාවැකියෙන් මගේ ඉරණම
උපත මරණය දෙකම ලියවුණ
නුඹ දූතයෙක්;
නුඹ නිමිත්තක්
අස්වැසිල්ලක් නැතිව සසැළෙන
ප්‍රමෝදෙන් කම්පිතව මියැදෙන,
මේ අත්බවේ ලාලිත්‍ය දනවන
නුඹ ස්තෝත්‍රයක්
නුඹ ගීතයක්…
මෙලෝදා ගැබ සිඳී වියැකෙන
මගේ පණ නල සමඟ මුසුවන
භවෙන් භවයට මගෙ ආත්මය
කැටුව සක්වළ පුරා ගෙන යන
නුඹ ගීතයක්…
නුඹ ස්තෝත්‍රයක් …
මල්ලිකා එම් බණ්ඩාර
02. 06. 2018
02. 06. 2018
No comments:
Post a Comment