වැට කඩොලු අයෝමය
පවුරු පදනම් ශෛලමය
වටවෙලා විමන් දොර
ඇති වග දැනී සැක හැර
පවුරු පදනම් ශෛලමය
වටවෙලා විමන් දොර
ඇති වග දැනී සැක හැර
රැක හිඳ උයන් තෙර
වසන්තය හිස් අතින් ගිය වර
අහස පොළවට දුරින් රැඳුනා
රළපතර මුදු සරින් බිඳුනා
දියවරට ඉඩ හසර සදනා
යානොවන ගං දෑල වාගේ
මැකී නොමැකී ඔහේ රැඳුනා
අගුළු ලූ හද ගිරිබෙයද තුළ
කුරුටු ගීයක් වෙලා ලියැවුණ
තනිවෙලා නොපිපුණ මලක් වි
නොකී ප්‍රේමය නෙතු සඟල ඉම
සම්මතයෙන් බැහැර,
පිළිසිඳුන ළය පතුලේ
කුළුඳුල් කළලයක්
දස එකඩ මස නොපිරීම
මිලානව ගිය වග දැන
නෝක්කඩු කියනවා අදත් යටිහිත
මල්ලිකා එම් බණ්ඩාර
27. 03. 2020