Sunday, 1 March 2020

සාවධානය​



සොඳුරු හෝ අඳුරු කඳු සිඛර තැනිතලාවන්
නොදුරු ඇස ගැටෙන මානයේ හුදකලාවන්
කඳුළ දුක සමඟ හස රැල් වහින වෙලාවන්
පාට දේදුණු අතර අඳිත​  මල් තලාවන්

මරුකතර අතරමඟ කෙම් බිමක රැඳෙන්නෙමු
විඩාබර ගිමන මැද​ සා පවස නිවන්නෙමු
හිඳින තැන එක හිතින් ජීවිතය විඳින්නෙමු
අදම මිස හෙට කුමට සුබ සිහින දකින්නෙමු

මරණයේ තීන්දුව අතින් ගෙන උපන්නෙමු
ජීවිතය අරුමයකි එතෙක් එය විඳින්නෙමු
ආ දිනය වාගේම යනදාත් නොදන්නෙමු
නියතවම යායුතුය එතෙක් අපි හිඳින්නෙමු.

ලොවින කටු බුදින ඉඳුලම  පතා වරදාන
ගොදුරු ලුහුබැඳ නොයා එකිනෙකා පරයාන​
හැඳින පිය තෙපල යට සැඟව ඇති වෙස්මූණ​
හිඳින එක වටී ණැන නුවණ දෙක පහදාන​

මල්ලිකා එම් බණ්ඩාර​
12.11. 2018



No comments:

Post a Comment