පුරසඳ
මඬළ හිනහෙන නිල් අඹර අරා
බෝ පත්
මතින් වැගිරෙයි වැලි මලුව පුරා
පොල්
තෙල් පහන් සිළ ලෙළෙනා අඳුර ඉරා
පියමං
කරයි නුඹෙ රුව නෙත ගැටෙන තුරා
ගමරට
ඇවිත් නැවතී මහ ඇල ගාවා
නොසිඳෙන
උල්පතෙන් නිල් දිය ඇද නෑවා
මතකෙන්
කුඹුක යට හිඳ වැලි බත් ඊවා
නුඹෙ හඬ
නෙලුම් කවියක දැවටී ආවා
අළුයම
කෝපි මල් ඉහිරෙන හිමිදිරියේ
අකුරට යද්දි
පිනි මුතු වැහි සිරි සිරියේ
දොරගුළු
හැරෙන තුරු නව ලොව කලඑළියේ
නුඹ මඟ
බලාගෙන හිටියා වෙල් එළියේ
සෙනෙහස
අමාවන් කිරි කඳුළකට හැරී
උල්පත්
වුණේ හද පතුළේ සිහිල පෙරී
ඉම
බිම කොතනකද නොපෙනෙන සොයනු බැරී
නුඹ ගැන
මතක සාගර දිය කඳට සරී
මල්ලිකා
එම් බණ්ඩාර
26.
03. 2020
No comments:
Post a Comment