Wednesday, 25 March 2020

තනිවූ වෙරළ



බිඳගෙන පවුරු පදනම් බැමි තෙරපාන​
රළ පෙළ ඉවුරු බිඳ සිඳු ගැබ කළතාන
ගිලගන්නට නොදී කලපුවකට ගේන​
නුඹමය මගෙ දිවිය රැකගත් නැවියාන

හැකිමුත් සඳ පතට ගණදුර දුරලන්න​
මා සතු අමාවක හිත් ලෙන දෝවන්න
යළි දළු රිකිලිලා ලියලන දුක් ගොන්න​
කණුමුල් කපා මට යළි ආපහු දෙන්න

වැලිතල මත හැපී වැළපෙන රළ වාගේ
හිත මොර ගහන හඬ ඇහුනාදැයි නෑඟේ
නොලදින් රැකවරණ තනිකම ළඟ​ කාගේ
ලෙන්ගතුකම හැඟෙයි බර වැඩිවා වාගේ 

මල්ලිකා එම් බණ්ඩාර​

25. 03. 2020

No comments:

Post a Comment