බිඳගෙන පවුරු
පදනම්
බැමි
තෙරපාන
රළ පෙළ
ඉවුරු
බිඳ
සිඳු
ගැබ
කළතාන
ගිලගන්නට නොදී
කලපුවකට
ගේන
නුඹමය මගෙ
දිවිය
රැකගත්
නැවියාන
හැකිමුත් සඳ
පතට
ගණදුර
දුරලන්න
මා සතු
අමාවක
හිත්
ලෙන
දෝවන්න
යළි දළු
රිකිලිලා
ලියලන
දුක්
ගොන්න
කණුමුල් කපා
මට
යළි
ආපහු
දෙන්න
වැලිතල මත
හැපී
වැළපෙන
රළ
වාගේ
හිත මොර
ගහන
හඬ
ඇහුනාදැයි
නෑඟේ
නොලදින් රැකවරණ තනිකම ළඟ
කාගේ
ලෙන්ගතුකම හැඟෙයි
බර
වැඩිවා
වාගේ
මල්ලිකා එම්
බණ්ඩාර
25. 03. 2020
No comments:
Post a Comment