Friday, 27 March 2020

මිරිඟුව ලුහුබැඳ




මංමුලා වී සෙයිලමේ
සොයා අවේ මඟ දිගේ
මාව තනිකළ මාව අතහල 
නුඹෙන් නොලැබුණ රැකවරණයයි
සොයා අවේ මඟ දිගේ

නුඹට බියවී සැඟවුණෙමි මං
වහංවී යළි හමු නොවන්නට​
හෙලා මා මේ නරකයේ
මේ විසල් ලෝ කුහරයේ
නුඹත් සැඟවී යළි නොඑන්නට
වෙන්වුණේ අපි කුමන දේටද​
අදත් නැත පිළිතුරක් හමුවී

දරාගෙන දෝතින්ම​
සුණු විසුණු හද​ මඬළ​
හූල්ලන මිහිකතට වාවන්න බැරිතරම්
ගිරි දුදුළු දෙණිපෙත සිසාරා
සොයා යමි ගිළිහුණ ළබැඳි බව​
යළිත් නොලැබෙන බවද දැන දැන​

මල්ලිකා එම් බණ්ඩාර​
06. 11. 2019

No comments:

Post a Comment