මංමුලා
වී සෙයිලමේ
සොයා අවේ මඟ දිගේ
මාව තනිකළ මාව අතහල
නුඹෙන් නොලැබුණ රැකවරණයයි
සොයා අවේ මඟ දිගේ
නුඹට බියවී සැඟවුණෙමි මං
වහංවී යළි හමු නොවන්නට
හෙලා මා මේ නරකයේ
මේ විසල් ලෝ කුහරයේ
නුඹත් සැඟවී යළි නොඑන්නට
වෙන්වුණේ අපි කුමන දේටද
අදත් නැත පිළිතුරක් හමුවී
දරාගෙන දෝතින්ම
සුණු විසුණු හද මඬළ
හූල්ලන මිහිකතට වාවන්න බැරිතරම්
ගිරි දුදුළු දෙණිපෙත සිසාරා
සොයා යමි ගිළිහුණ
ළබැඳි බව
යළිත් නොලැබෙන බවද දැන දැන
මල්ලිකා එම් බණ්ඩාර
06. 11. 2019
No comments:
Post a Comment