සරුංගලේ මෙන් ඉගිලී ගම හැරදා
සත් සමුදුරෙන් එතෙරව ගිය මුත් පෙරදා
මව් සෙනෙහසට ඉකිලන දරුවෙකු පරදා
ලැව් ගින්නක් වගේ ඇවිලුණි දුක නිබඳා
මව් සෙනෙහසට ඉකිලන දරුවෙකු පරදා
ලැව් ගින්නක් වගේ ඇවිලුණි දුක නිබඳා
සුළඟේ වාරුවට පාවුණ ජව ඇතිදා
අරුමේ දැනෙයි ඉඳ හිට ගම රට ආදා
උරුමේ අහිමිවුණ යළි විඳ ගෙන නොමදා
මහමෙර හිස තියන් ආවෙමි ගිය ඉරිදා
අරුමේ දැනෙයි ඉඳ හිට ගම රට ආදා
උරුමේ අහිමිවුණ යළි විඳ ගෙන නොමදා
මහමෙර හිස තියන් ආවෙමි ගිය ඉරිදා
6.03. 2020
No comments:
Post a Comment