Monday, 2 March 2020

මඟියා



අඬන්නට කොතෙක් තිබුණත් කරුණු කාරණා ​
සිතින් පිරිමදිමි  වණ කැළලි හද පාරනා  
කඩා නොවැටෙන්න වැහි වළා මොර සූරනා
හඬාපන් වැලහින්න  දිනක  සඳ මෝරනා

සඳ කැළුම් තැවරිලා නෙත කඳුළු නොපෙනෙන්න​
හිස් අහස දෙස බලා මොහොතකට හිනැහෙන්න​
අතැර යනවුන්ට හිත හදාගෙන සමුදෙන්න​
හුදකලා සක්වලේ තනිකමට හුරු වෙන්න​

අතහැර පළාමිට දහදුක් විඳ නෙලුව​
පැනයන මුවන් දැක දිව ගියමුත් යුහුව
බැද්දේ කොළෑ වී ගිය නුවණට අනුව
ගිජිඳෙකු සෑහේද එය ආපහු ගනුව​

රැස් කරපු දේ දනට නොවන මුත් අන්සතුය
එළිපෙහෙළි කළ මඟේ ගමන් යන්නෝ බෝය​
අත් ඇරපු යස ඉසුරු ගඟට හැලුවා සේය​
මඟ නිමාවන තුරා නොනැවතී යායුතුය​

මල්ලිකා එම් බණ්ඩාර​
2. 03. 2020

No comments:

Post a Comment