Monday, 2 March 2020

මඟියා



අඬන්නට කොතෙක් තිබුණත් කරුණු කාරණා
සිතින් පිරිමදිමි  වණ කැළලි හද පාරනා  
කඩා නොවැටෙන්න වැහි වළා මොර සූරනා
හඬාපන් වැලහින්න  දිනක  සඳ මෝරනා

සඳ කැළුම් තැවරිලා නෙත කඳුළු නොපෙනෙන්න​
හිස් අහස දෙස බලා මොහොතකට හිනැහෙන්න​
අතැර යනවුන්ට හිත හදාගෙන සමුදෙන්න​
හුදකලා සක්වලේ තනිකමට හුරු වෙන්න​

අතහැර පළාමිට දහදුක් විඳ නෙලුව​
පැනයන මුවන් දැක දිව ගියමුත් යුහුව
බැද්දේ කොළෑ වී ගිය නුවණට අනුව
ගිජිඳෙකු සෑහේද එය ආපහු ගනුව​

රැස් කරපු දේ දනට නොවන මුත් අන්සතුය
එළිපෙහෙළි කළ මඟේ ගමන් යන්නෝ බෝය​
අත් ඇරපු යස ඉසුරු ගඟට හැලුවා සේය​
මඟ නිමාවන තුරා නොනැවතී යායුතුය​

මල්ලිකා එම් බණ්ඩාර​
2. 03. 2020

No comments:

Post a Comment