Friday, 27 March 2020

නාඳුනන මඟිය!



ගොඩ නගන්නට හදන​
බිඳ වැටුණ රජ දහන​
යුධ බිමක ඉතිරිවූ
සුන්බුන්ය ජීවිතය​

රකුසු දොල සපුරනා
අකල් මල් පූදිනා
පිපි වනම පරවෙනා
සොඳුරු සක්මන් මලුව​
පසු කරන එකලාව​
හුදකලා පටු මගේ
නඟින මහ ගිරිදඹේ
නාඳුනන නුඹ මඟිය,​

නෑසිණිද​ කුරුළු ගී 
දැහැන් ගතවු​ සිතට
නොදැනිණිද සුවඳ 
දන මන බඳින මල්තලා?
නොපෙනුණිද​ තුරුවදුලු 
වනපෙතේ මනරම්?

වසන්තය ලුහුබඳින​
හිමගිරම උරුමවන​
සියොලඟම​ හිරිවැටෙන
නොදැන මඟ සලකුණක
පිළිසරණ නොයැද යන​
නාඳුනන මඟිය නුඹ ​
සාවධානව යන්න​!


මල්ලිකා එම් බණ්ඩාර​
27. 03. 2020

No comments:

Post a Comment