Friday, 27 March 2020

නාඳුනන මඟිය!



ගොඩ නගන්නට හදන
බිඳ වැටුණ රජ දහන
යුධ බිමක ඉතිරිවූ
සුන්බුන්ය ජීවිතය

රකුසු දොල සපුරනා
අකල් මල් පූදිනා
පිපි වනම පරවෙනා
සොඳුරු සක්මන් මලුව
පසු කරන එකලාව
හුදකලා පටු මගේ
නඟින මහ ගිරිදඹේ
නාඳුනන නුඹ මඟිය,

නෑසිණිද​ කුරුළු ගී 
දැහැන් ගතවු​ සිතට
නොදැනිණිද සුවඳ 
දන මන බඳින මල්තලා?
නොපෙනුණිද​ තුරුවදුලු 
වනපෙතේ මනරම්?

වසන්තය ලුහුබඳින
හිමගිරම උරුමවන
සියොලඟම​ හිරිවැටෙන
නොදැන මඟ සලකුණක
පිළිසරණ නොයැද යන
නාඳුනන මඟිය නුඹ 
සාවධානව යන්න​!


මල්ලිකා එම් බණ්ඩාර
27. 03. 2020

No comments:

Post a Comment