Friday, 27 March 2020

නොකී ප්‍රේමය


වැට කඩොලු අයෝමය 
පවුරු පදනම්  ශෛලමය​
වටවෙලා විමන් දොර  
ඇති වග දැනී සැක හැර​
රැක හිඳ උයන් තෙර  
වසන්තය හිස් අතින් ගිය වර​

අහස පොළවට දුරින් රැඳුනා
රළපතර මුදු සරින් බිඳුනා
දියවරට ඉඩ හසර සදනා
යානොවන ගං දෑල වාගේ
මැකී නොමැකී ඔහේ රැඳුනා

අගුළු ලූ හද ගිරිබෙයද තුළ​    
කුරුටු ගීයක් වෙලා ලියැවුණ
තනිවෙලා නොපිපුණ මලක් වි​
නොකී ප්‍රේමය නෙතු සඟල ඉම​

සම්මතයෙන් බැහැර,
​පිළිසිඳුන ළය පතුලේ
කුළුඳුල් කළලයක් 
​දස එකඩ මස නොපිරීම​ 
මිලානව ගිය වග දැන
නෝක්කඩු කියනවා අදත් යටිහිත
​

මල්ලිකා එම් බණ්ඩාර​

27. 03. 2020




No comments:

Post a Comment