කොහු තළන වල් නෙළන ගෑණු පොද වැස්සේ
නිදිවරා කම්හලේ රෙදි වියන රෑ තිස්සේ
නිවන් දොර ලුහුබඳින
බණ වරක් පස්සේ
පොඩි එකා හිච්චි කෙල්ලගෙ අතේ නළවා
දරටික ගෙට අරන් පැන් කොතලය පුරවා
කළුවර වෙන්න ඉස්සර ලිපේ ගිනි මොළවා
මිටි හාලෙන් ඉව්ව බත හැමටම බෙදුවා
නාවා කවා පොවලා දරු පැටවුන්ට
යන්තම් කුස ගින්න
ඉවසාගෙන ඉන්ට
හිතුවා මිසක් නෑ රජ සැප වළදන්ට
දවසක් තියේවිද අපටත් සමරන්ට?
පැක්ටේරියේ අපි වැඩ කෙරුවේ එකට
පඩි පත එද්දි සති දෙක ගතවුණ කලට
අඩු තක්සේරුවක් ඇයි මගෙ පැය අටට
මැති සබයට වඩින මුදු සළුපිළි අඳින
රතු පාවාඩ මත නිදහස ගැන දොඩන
පොත ගිනි තියා නූපන් හෙට ගැන සිහින
නොනාවරුනි යමු පොළොවේ ඇවිදින්න
මල්ලිකා එම් බණ්ඩාර
8.03. 2020
No comments:
Post a Comment