Wednesday, 4 March 2020

මගේ සඳ නුඹ



පියමං කරන්නට වලගොඩැලි අතරේ
විසකුරු සපුන් පිරි රුදුරු වන වදුලේ
මං පෙතක් නොවැටුණ​ 
කඳු සිඛර මුදුනේ
ඉණිමං තන්නට කියාදුන් වන කඳුරේ

ගං හෝ මැදදි නොබියව​ හිඳින්නට​ ​
පැකිල නොවැටෙන පිණිස 
අත්වැල ගෙතූ අහඹුවෙන් ගං ඉවුරේ
සිහිනයේ ඉම නොදැන ළතැවුණ​
මෝදුවී එන පෙමට රහසින් 
පොර බදන​ අඳුරේ
මම අල්තිනායී,
නුඹ​ කොහෙද කියපන්
රැඳුන​ හද මැඳුරේ

අස්වැසිල්ලක් නොලැබ​
හඬන හද ඉල්ලා
​හෙට නැඟෙන හිරු  දකින
පැතුම් නෙතු දල්ලා
පිපෙන්නට විලිදරන කැකුළක්
අතු ඉති කඩා බිඳ දමා සැහැසිව,
ජීවිතය මේයැයි කියාදුන් ​

නුඹේ සිහිනය දිනා ගනු වස්
මගේ සිහිනයෙ මුල පුරා දුන් 
ඈත දවසක ගොළුව සැඟවුන  
මෑත​ අහසේ හිඳ සිනාසෙන​
ඉතින්වත් මට​ කියාපන්
දුයිෂෙන්,
නුඹද​​ ඒ අයිලයේ - 
පායාපු සරද සඳ​? 

මල්ලිකා එම් බණ්ඩාර​
4.03.2020







No comments:

Post a Comment