මුතු පිණි සැලෙද්දී තුරු මත දුරුතු සඳේ
කෝකිල ගීත ලොව කලඑළි කරන උදේ
අරුණළු සමඟ පීදෙන බකිණි මල වගේ
නුඹ වැඩියා සුවඳවත් කර ලොවම මගේ
රන් මිණි කිකිණි සලනා නව තනුවකට
නින් නද දෙවන ගී මුමුණා අමුණකට
රන්මය පහන් වැටවී දිවි මං පෙතට
මං කැන්ඳන් ගියා නන්දන උයනකට
පවසට දිය දෝත මගෙ සරතැස නිවනා
වෙහෙසට මද පවන මුදු චාමර සලනා
සෙබළිය සදිසි පිළිමල් ඔද තෙද බිඳිනා
රැජිනක වුවත් නුඹ මගෙ බිළිඳිය නිතිනා
මල්ලිකා එම් බණ්ඩාර
16. 01. 2021
No comments:
Post a Comment