ජීවිතය නම් කිමැයි
නොදැන අඳවූ නෙතින්
මහමෙර උසට ගොඩකළ
නොවිසඳුන ගැටළු
දෙඋර මත හොවාගෙන
ඇවිද ගෙන ඇවිද ගෙන
බැරිම තැන අතාරිමු
පන්සලේ බෝ රුකේ
පල්ලියේ ගව ලෙනේ
කෝවිලේ නුග බෙනේ.
එල්ලලා කොඩිවැල්
දල්ලලා සුවඳ දුම්, තෙල්
දොවා ගල් රුක්මුල්
නන් පැහැ හුයෙන් සැදි
පඬුරු ගැටලා ජප නූල් බැඳ
යාදිනි සැහැලි මැද සජ්ජායනා වෙන්හිඳ
කළ කන්නලව් හැම
නිහඬව සවන්දී සිට
ඉස්පාසුවක් නැතුව
වෙහෙසුන දෙවියන්ට
නව වසරෙදීවත්
දෙමුද ‘holiday’ එකක් නිකමට?
මල්ලිකා එම් බණ්ඩාර
31.12. 2020
No comments:
Post a Comment