උඳු පියළිය පත් තැළේවි
හෙමින් අඩිය තියා යන්න
ගහට කොළට තණ නිල්ලට
ඔබෙ මුදු බව හැඳින ගන්න
යම් දවසක මැකී යාවි
පියවර සන් මිහිමඬළේ
සුළඟට අමතක නොවේවි
ඔබේ සුවඳ හද කමලේ
විදුලි අකුණු ගිනි දැල්මෙන්
නොදල්වන්න නෙතු සඟලේ
විහඟ බමර පෙම දොඩන්න
ගී සර සේ හද ගැඹරේ
ගලන දොලක් සේ හිඳින්න
දිය දෝතක් බෙදා දෙන්න
ගිමනට සෙවනක් සදන්න
මහමඟ තුරු හිසක් වෙන්න
සුළඟක් සේ හමා යන්න
ගත සිත සරතැස නිවන්න
දෙනෝ දහක් පසුකර ගොස්
කුණාටුක් වී නොඑන්න.
මල්ලිකා එම් බණ්ඩාර
17. 01. 2021
No comments:
Post a Comment