රාජකාරි අහවර කොට
යන්න කල් ඇවිත් ගමරට
දෙන්න මට බහක්
වන්නියැලැත්තගෙ දෝණී
හත් වසක් කඹුට බැලමෙහෙ
කළේ නැතිවුණත් මහ ගෙට
බැන්ද පෙම උහයි
හඳුරුක් කන්දටත් එහා
නවාතැන් පොළෙන් පිටමං
වෙන්න කල් ඇවිත් අද හෙට
රැහේ උන් සැවොම එකතුව
එකාවන්ව කතිකා කොට
බහක් දෙන්න කීවා
නුඹ සහේ ගන්න මට
සීත වන්නියෙන් පිටවී
සිදාදියෙන් හිර ගන්නට
මගේ උන් ඉඳියි පෙර
මඟ බලා පේවෙලා
මේ වගක් වැටී උන් කණ
අදින්නට එතැයි දුනු දිය
හීන දකිනවා බියකරු
නින්ද නොමැති රෑ මැදියම
උත්තරීතරයි මගෙ පෙම
සත්තකයි නුඹට ඉර හඳ
වගේ කියන්නම් තිර කොට
දියන් මට බහක්
නුඹ ළඟ හිඳින්න ළඳුනේ
මල්ලිකා එම්. බණ් ඩාර
31.03. 2009
No comments:
Post a Comment