මුතු රැහැන් වැටේ දොර කඩින් නුඹේ
නද දෙමින් සිහින් මද පවනැල්ලේ
සිළි -සිළිං හඬින් මිණි සුරල් වැයේ
නුඹෙ යහන් ගැබින් හැම අරුණැල්ලේ
මගෙ පුංචි කුමාරී වියපත්වී
දුරු රටක ගිහින් තනියෙන්
මගෙ හිතට දුකයි වාවන්නට බෑ
දුරස් වෙලා ඇත ගව් ගණනින්
කී කතා සිනා රැල් වතේ ඇඳුන
සුවහසක් සිතුම් නොකියා වදනින්
මගෙ නෙතත් දනී මගෙ හිතත් දනී
ගොළු වෙලා හිඳින මුත් දුර ඈතින්
ඇස ගැටෙන ඉමේ සිහිවටන පිරී ඇත
සුවඳ දෙවන මුළු ගෙදර පුරා
ගිළිහුණා වද්ද නිල් මැණික මගෙන්
සඟවාන හිටිය මෙතුවක් දෝතින්
මල්ලිකා එම් බණ්ඩාර -Monday 28 February 2011
No comments:
Post a Comment