10.
දුන්න හින් දා හින්න වෙන්ටම
දැක්කෙ නෑ උහුලන මඟක්
එකම දෝණිගෙ මඟුල දවසේ
ඉන්නෙ කවුදැයි වෙන්නෙ මොකදැයි
දැනුනෙ නෑ මා ගැන වගක්!
අඳුන් කුංකුම සඳුන් වත්සුනු
දියව ගලනා තුරු ගඟක්
කවුද ඇවිදින් ගියා කැන්ඳන්
සබාවට යනතුරු මඟක්
දවුල් ගැහුවා ඇතුළු ගැබ හිඳ
අනේ මගෙ කෙලි පොඩ්ඩ
දන් දී නිවන් යන්නට නෑ ඉඩක්
හිරේ දැම්මා වගේ දැනුනා
යාවජීවම සනුහරේ
කැපු ඉණි ටික ඇහිඳ ගත්තේ
නාඳුනන සෙනඟට මිසක්
දීග දෙන්නට දුවක් හැදුවේ
ඇයිද නෑ තේරෙන හැඩක්
මල්ලිකා එම් බණ්ඩාර
26. 11. 2020
No comments:
Post a Comment