එකම ඉර මඬල යට
අසිරිමත් මිහි මඬල උරුම අපි
වැට-කොටු ගසාගෙන
ජාති ආගම්,කුල-මල වටකර
ජාති ආගම්,කුල-මල වටකර
සැහැසි ලෙස බිඳ දමා මිනිස් දම්
තළා පොඩිකර දමා පිවිතුරු සබැඳිකම්
තළා පොඩිකර දමා පිවිතුරු සබැඳිකම්
ලේබල් ගසාගෙන ශුද්ධවන්තයින්සේ;
පෙලක් අය ස්වාමින්ය. තව පෙලක් දාසයෝ
තවත් අය පියවරුය, මව්වරුය
ඔවුන් පා දොවන අපි පව්කාර මිනිසුන්ය.
මිනිස් දහදිය කඳුළු අනා පිරියම් කෙරූ
පන්සලේ පල්ලියේ කෝවිලේ අසරණව
අනුන් සෝදන තුරා අපේ පව්
පන්සලේ පල්ලියේ කෝවිලේ අසරණව
අනුන් සෝදන තුරා අපේ පව්
දණ නමා ඇදිලි බැඳ
අපි සරණ පතන්නෙමු.
අපි සරණ පතන්නෙමු.
අතර මැදියන් වෙලා දේවත්වයේ හිඳින
ස්වාමිවරුණි පියවරුණි මව්වරුණි;
අපේ ලේ සුවඳ තැවරුන කාසි හිලව්වට
ජීවිතේ නවාතැන සාමයෙන් හිඳින්නට
දේසනාවක් දෙසනු මැන අපව නිවන්නට
ජීවිතේ නවාතැන සාමයෙන් හිඳින්නට
දේසනාවක් දෙසනු මැන අපව නිවන්නට
අපේ හිත් වලට විස කටු එලා
බෙදා වෙන් නොකර කොටු-පවුරු ලා,
මඟක් ඇත්නම් කියා දුනමැනව "හෙල් - හෙවන්" දෙකම හැර
පොළොව මත පය ගසා
ජීවිතේ විඳ ගන්න සහජීවනේ මඟක්
ජාති ආගම් වෙළඳ ලේබලය ඉවත් කර
වැළඳ ගන්නට ළබැඳි ප්‍රේමයෙන්
එකම එක මිනිස් කුලයට උරුම
උතුම් මිනිසත් බවේ සුවඳ උකහා ගන්න
පරණ පොත් වීසිකර පොතේ නැති
සැබෑවක් කියා දුනමැනව ජීවිතය ගැන
පරණ පොත් වීසිකර පොතේ නැති
සැබෑවක් කියා දුනමැනව ජීවිතය ගැන
මල්ලිකා එම්.
බණ්ඩාර
14.10 2017
No comments:
Post a Comment