සෙක්කුවෙ බැඳ
ගොන් දෙන්නා
තෙල් ටික
මිරිකා දුන්නා
කාලය හරි උන්
ලිහන්න
වියගහ ඇයි
කරපින්නා?
එක බිම් කඩක හිඳින - ඉපදී දිනක මැරෙන
අහසේ ඉරු සඳ
දකිනා - එක අම්බලමේ
ලගිනා
සිංහල දෙමළ
මැලේ බර්ගර් මුවර්
කියන
කවුරු වුණත් අපි අපිමයි
ඔක්කොම එක මල්ලේ
ලුනු කෑ ඇත්තෝ
එකට හැදුනු ගෙඩි වාගෙයි තනි පොල් ඉත්තේ
ගල විද්ද නිසා
සුද්දො ඇවිත්
කන්ද උඩරටින් රූටා
කන්ද උඩරටින් රූටා
හීන්සැරේ කොළොම්
තොටට
තවලමකින් සේන්දු වුණ
තවලමකින් සේන්දු වුණ
ඒ ඇත්තෝ එක්ක
ආවෙ
හඳපාන වගේ
හීන් මැණිකෙලා
ඒරොප්පෙන් මංගච්චල
ගම්පොජ්ජට මන්දො කොරපු
ගම්පොජ්ජට මන්දො කොරපු
සුදු හූරල කම්මුතු
කළ
හටනින් පණ කෙන්ද රැකුන
හටනින් පණ කෙන්ද රැකුන
අපේ රැහේ උන්ට
දීපු කුල වන්නම
තමයී මේක
“සද්ද විද්ද පතඟ පතිර
ඇදි දුන්නෙන් විදිතිලක
භීතසිංහ
සිංහප්‍රතාප
රංගේ බණ්ඩාර
කළුකුමාර අබේසිංහ
වන්නිනායක
මුදියන්සේලාගෙ ඇත්තෝ”
ගල විද්ද නිසා
සුද්දො ඇවිත්
මං ගච්චපු
නිලමෙලා ඇත්තෝ
දකුණු කරෙන්
කඳුකරේට
කෝපි කාලෙ සිංහලේට
කෝපි කාලෙ සිංහලේට
පාගා කර දිය
වළල්ල
ආපු ගියපු තෝං ගන්ට,
ආපු ගියපු තෝං ගන්ට,
අස්ස කෝච්චියෙන් බැස්ස අප්පුහාමිලා
යස අගේට පිළිගත්තලු
යස අගේට පිළිගත්තලු
ඇතිව පයුරු
පාසනං - මනුස්සකම පෑහුනාලු
සත්ගුණවත් ලංකා පුරවරයේ ඇත්තෝ
ගල විද්ද නිසා සුද්දො ඇවිත්
ගල විද්ද නිසා සුද්දො ඇවිත්
මං ගච්චපු නිලමෙලා ඇත්තෝ
මල්ලිකා එම්
බණ්ඩාර
27. 09. 2017
No comments:
Post a Comment