දළදා පෙරහැරේ යන්න ඇතෙක් ගෙනත් බැන්දා
ඇත්ගොව්වා
හෙන්ඩුවෙන්ම ගජ මුතු දළ බින්දා
පීදුන මී අඹ
පොකුරට වවුලන් ලොබ බැන්දා
උන්ගෙන් බේරා
ගන්නට ටක පෝරුව බැන්දා
රන්රුව වන් දූ සිඟිත්ත දැක ඇගෙ අත පතලා
කුමාරයෙක් මංගල
ඇතුපිට ඒයයි හිතලා
මඟ බලාන
හිටියා පිල් කොමුවේ ඇන තියලා
ඇත් ගොව්වා
අරන් ගියා ඒ රන් රුව දැකලා
“තාන තිනානේ
බළලා පාන මුවාවට පැනලා”
පහන් පැලට
ගිනි තියලා පාන අරන් වහන් වෙලා
ගම්මු හිනා
වෙන හින්දා ඒ ඇස්ගෙඩි මඟ ඇරලා
මටත් යන්නවුණා
පුතේ මගෙ ගම රට අත ඇරලා
මල්ලිකා එම් බණ්ඩාර
17. 01. 2017
No comments:
Post a Comment