දෙවා ගුණ ණැන මිණි පහන් වැට
එවන් එළියෙන් ලොව දකින්නට
එවන් එළියෙන් ලොව දකින්නට
ජීවිතේ පන්නරය දෙන්නට
අකුර කිණිහිරයක් වුණා මට
මියුරු මීපැණි රස හඟින්නට
හලාහල විස පිටු දකින්නට
කියා දුන්නා වනසතුන් ගෙන්
මිනිස්වග දැන හැඳින ගන්නට
පහන් තාරකාවය දුරු කතර
ඇවිදින්න
මිතුරු නෞකාව විණි දියඹ රළ බිඳ ලන්න
උතුරු කැඩපතෙකි මට මාව
හඳුනාගන්න
අකුර මහවේය දිවි ගමන පියවර මැන්න
නොවරදින තුලාවකි මිනිස්කම මැන ගන්න
සොඳුරු තක්සලාවකි ජීවිතය කියවන්න
සිර මැදුරු පොළු මුගුරු වැට කඩොළු බිඳ ලන්න
අකුර යගදාවක් ය ගිරි සිඛර සොලවන්න
අවිදු ගනදුර මකා ණැන ණුවන දල්වන්න
මහරු දිව ඔසුවක්ය අඳ දෙනෙත් පෑදෙන්න
තියුණු මුවහත් සැතකි කටු අකුල් සිඳ ලන්න
අකුර තෝතැන්නක්ය දිවිය අස්සද්දන්න
ඉවුරු දෑලම යා කරන්නට
පහුර විණි ගඟ එතෙර වෙන්නට
කටු කොහොල් මත ඇවිද යන්නට
අකුර මිරිවැඩි සඟල විණි මට
මල්ලිකා එම් බණ්ඩාර
29. 10. 2017
No comments:
Post a Comment