සහනයෙ දිය පොදක් සොයනා දනන් හට
දිය උල්පතක් වී උන් පවස නිවන්නට
ගිනි වැදුන හිස සිහිල් සඳුනින් දොවන්නට
මියැදෙන මිනිස්කම පසෙකින් හිඳින් හෙට
බිඟු නද විහඟ ගී තනුවෙන් කළතාන
ඇල දොල සිහිල දෙන මිහිලිය සරසාන
උණුසුම සිහිල හිරු සඳු සේ පතුරාන
මිනිසත්කමට හිමි වේවිද අබිමාන?
මිහිමව බෙදාදුන් ජීවන සුසුම් පොද
රැකගතයුතුව ඇත ඇගෙ දිවි රැකෙන ලෙද
ගහකොළ සතා සීපාවුන් නොමැති සඳ
ලොව සොඳුරුයයි අප කෙලෙසක කියන්නද?
කුණුවී දුගඳ දෙන ගුණදම් මියැදි මඩේ
කුඩ මසු කැළට ඉහලා මුතු පබළු කුඩේ
ගුණ ණැන පුරන්නට සුවඳින් බමර තුඩේ
නෙළුමක් වෙන්න ඒ දිය මත ගොහොරු මඩේ
මල්ලිකා එම් බණ්ඩාර
No comments:
Post a Comment