දසක තුනකට කලින්
මගේ දෝතට වැඩිය
නුඹ මගේ රෝස මල
පිපී හිනැහුන දිනෙන් දින
සුවඳවත් කර මහද උයන් තෙර
පුංචි හා පැටික්කී වගේ
දුව පැන ඇවිද
කවි සින්දු අමබින්දු
තැවරුවා මා සවණ
ළමා විය නිමාවිය යොවුන්
විය ළඟාවිය
දිනක්, ඉරණම් කුමරු
නැඟී සුදු අසෙකු පිට
ඈත දුරු දේසෙකින්
ඇවිත් අපෙ දොරකඩට
අරන් ඉගිළී ගියා
මගෙ හංස කුමාරිය
එදා දුන් පොරොන්දුව
මතක ඇත්නම් නුඹට
අනේ ඇවිදින් යන්න
රන් කරඬුවක් වගේ
මගෙ පුංචි මුණුබුරා
මගේ දෝතට දෙන්න
තොටුපොලේ සුනංගුව
ඉඳී නොව තොටියා
නොදන්නා තොටුපොළට
ඇරැලවන්නට මාව
රළ බිඳින කොල්ලෑව
නඟන හඬ ඇහෙනවා
මාරුවෙන් මාරුවට
පාරු කවි ඇහෙනවා
සීරුවේ ගියොත් හිත හදාගෙන
වාරු නැති හිතට සවි දැනෙනවා
දුහුල් සළු අතුරාපු
පුංචි රන් දෝලාව
මුණුබුරා හිඳුවාන ළඟ එතැයි
බොඳ වෙච්ච මගෙ දෑස
මඟ බලා ඉන්නවා
මල්ලිකා එම් බණ්ඩාර
21. 01. 2019
මල්ලිකා එම් බණ්ඩාර
21. 01. 2019
No comments:
Post a Comment