Wednesday, 9 January 2019

සැඳෑව​

සළිත​ දිය රැළි අතර​
වැව් පතුල විනිවිද 
දකිමි 
නටුවෙන් ගිළිහිලා 
බොඳව යන චන්ද්‍ර වංකය​

සසල වන ලොව සමඟ 
නිසල අහසේ එල්බ
හිඳියි සඳපත​ 
සිනා සිසී නොසැලෙන හිතින්

රිදී පෙති මින් රෑන​ 
පෙම් කෙළින සුභාවට​
වරල් සලනා 
සුරල් හඬ සමඟ​​
දිලෙයි
පිණි කඳුළක්
දියබෙරලි මල් මත​

මල්ලිකා එම් බණ්ඩාර​




No comments:

Post a Comment