Thursday, 3 January 2019

රැහැයි ගීත​


පොප් රැප් ක්ලැසිකල් ෆියුෂන් තියලා
හුයෙන් හුයට ස රි ග ම ප​ ධ නි ස ලා
රැහැයි ගීතයෙන් කළ එළි වීලා
මගේ ගේ දොරකඩ සින්දු කියන්නේ
කාට ඇහෙන්නද රැහැයියනේ?

සිත තුළ ඉපදෙන තේමා අලලා
සමපද තාලෙට ගී පද බැඳ​ලා
ගීත ගයන්නේ මගෙ දුක දැනිලද​
මගෙ තනි නොතනිය පාළුව යන්නද​
රැහැයියනේ ?

අව අටවක  පුරසඳ  නැඟ​ බැහැලා
නාඹර වයසේ කඩ ඉම පැනලා
ගෙපැලේ දොර ඇත අඩවන් වීලා
ඊයේ අද මිස නොඑනා හෙට ගැන​
හීන දකින්නට වරම් නොමැති කොට​
එපා තවත් මා ගැන වෙහෙසෙන්නට​
රැහැයියනේ ?


මල්ලිකා එම් බණ්ඩාර​


02. 01. 2019

No comments:

Post a Comment