අස්සැද්දූ යාය වල් වැද
ගියෙන් යළී
සිරගතවිණි
මියුල් නෙතු තරපසෙහි වෙලී
දැවැටී බිඳෙන් බිඳ ඒ යුග නුවන් දැලේ
කිමිදෙන්නට
යෙදුනි සැඟවී පැතුම් විලේ
උවමන් කරන්නට වත සඳ මඬල
වගේ
දැනුණා
සඳුන් වනයක පිය මනින රඟේ
බිඳෙනා
සුසුම් වැල් බක් මහ අකුණු වගේ
වැදුනා
ඉවුරු දෑලට උණු කඳුළු ගඟේ
සඟවා හලාහල විස මුසු ලවන් තලේ
සඳපත
සදිසි වත කවුරුද වහන් කළේ ?
මෙරුවෙකු
විලස මියැදෙන්නට පහන් සිළේ
ගලවා
තබමි මගෙ හදවත ගිමන් හලේ
දියවර සිඳී ගිය වැව් පතුළක්
වාගේ
ලැව්
ගිනි ලවා ලූ හද අරණට මාගේ
හියවුර
බිඳුන රණබිම විරුවෙකු වාගේ
පියවර
තබන්නේ කොයි ලෙසදැයි නෑඟේ
මල්ලිකා එම් බණ්ඩාර
3.01.2019
No comments:
Post a Comment