මාලිනී අපි බාල කාලේ
මල් පිපී තිබුණා
මඟ තොටේ ගම්මැද්ද පුරහා
මල් සුවඳ දැනුනා
පිපුණ මල් පෙති පරවෙලා
ඒ සුවඳ සුළඟේ තැවරිලා
තාමත් දැනෙයි සිහිනෙන් වගේ
දොරගුළු ඇරී මතකේ නිදන් ගැබ
සවණත වැකෙයි කන්කළු සිනා හඬ
රන් රසු දැලක් සේ ඉහිරිලා
අරුණළු උදේ සපු මල වගේ
හිරු කිරණ ඉහිරෙන යාමයේ
බොල් පිණි වතල තණපත් මතින්
පියමං කළා දෙණිපෙත දිගේ
බිතු සිතුවමක්වී හද ලෙනේ
නුඹ නිසසලව ඇඳිලා
එද මතකයක් පමණයි
මල්ලිකා එම් බණ්ඩාර
4.01. 2019
No comments:
Post a Comment