Sunday, 25 July 2021

යතාර්ථය​

 

සාගත වසංගත 

පසු කළද යුධ ගිනි මැළ 

හැඬුම් වැළපුම් මැද​,

සිප වැළඳ සමු ගන්නටත් කලින්

පිය තෙපුල්, මද සිනා

සැමරුම් පසෙක ලා

ජීවිතේ මායාව මැද

අත්‍යන්ත වියෝගය​ දරා ගත නොහැකිව​

මෙරුවන් කැළක් සේ​,

අතරමං කරවන

ඇසි පියන් ලන සැනින්

ජීවිත සැකිල්ලේ සුන්බුන් තුරුළු කර​

රක්ත වන් චිතකයේ සැතපී

අළු මිටක් බවට පත්වත

මිනිසා,

කොයි තරම් අසරණද​ ?

 

මල්ලිකා එම් බණ්ඩාර 

10. 05. 2021

 

No comments:

Post a Comment