Sunday, 25 July 2021

පිළිසරණ


 නිමකළ රජදහන​

ගිනිගෙන දැවී ගිය සැණ​

පතිතව දෙපාමුල​

කිරුළුද සුණු විසුණු විණ​ ​

 

සළුපිළි උනාගෙන​

ළසොවින් ඇදිළි බැඳ ගෙන​

මෙනෙහි කර ​අවගුණ 

වරද වැටහුණ තැන​

නුඹම මිහිදන් කළ​ ​ ​

මම්ම සිහිපත්  වුණේ කෙලෙසින?​

 

අභිමනින්‍ රැජිනක

මිස නොවූනෙන් පුලන්නක

නුඹ අසරණව දැක​

ආමි පිළිසරණය​ට දවසක​ 


කර නොයෙක නින්දා

දුටු කෙනෙහි වෙර බන්දා

නොකළ වරදට බැන බැන​

සිත් තැවුල්  විඳ අපමණ​

නික්ම ගිය බව දැන​

දුකක් දැනුණා මගේ හිත කොණ​

 

මල්ලිකා එම් බණ්ඩාර​

12.05. 2021

No comments:

Post a Comment