Tuesday, 14 June 2022

ගිය නුවණ​

​

මහජනතාව නොනිදා විමසුම් වෙන්න

ඇස් කන් ඇතුව නීතිය රජ කරවන්න

පාලකයින්ගෙ පාමුල වැඳ නොවැටෙන්න​

කොඳු නාරටිය නොනැමෙන්නට හිටගන්න​

 

අවනීතියට පසු නොබැසම මොරදෙන්න​

එරෙහිව අසාධාරණයට හිටගන්න​

අල්ලස බඩවියත සඳහා පුද දෙන්න​

නැති බැරිකම නිසා පසුබට නොම​වෙන්න​

 

රජුන් සහ පිරිවරින් පුරන විට මනදොලා

බොජුන් රස මසවුළෙන් බුදින හැටි බලබලා

බිඟුන්සේ රොද බැන්ද දනන් හැම එක්වෙලා

පැළැන්දූ කිරුළ ගැන හිඳිති දුක ඉවසලා

 

 සිත්පිත් නැතිව බී ලේ කඳුළැළි ගොන්න​

මත්වී යස ඉසුරු අත්පත් කරගන්න

හත් සනුහරේ විත් රජසැප වළඳන්න

පුරවැසියෙනි වහල් යුගයට​ සමුදෙන්න!

 

මල්ලිකා එම් බණ්ඩාර​

9.05.2022


No comments:

Post a Comment