පන්හිඳට ගිනි බිඳිනා
නිදහසට වැට බඳිනා
භාෂනය මුඛවාඩම් ලවා
ජනතාව පාගා මඬිනා
පාලකයො රජ සැප විඳිනා
රට දැයද උකසට බඳිනා
අමන දන සිත් තොසිනා
ගිනි අඟුරු කා දහ දුක් විඳිනා
සාගිනි ඇවිල මොර දීලා
කිරි කඳුළකට අඬ ගාලා
දරු පැටව් ගෙදොරක් ගානේ
දෙන විලාපය පැතිරීලා
වත්ත බද්දට දීලා
ඇස්සට දත නියවන්ට වීලා
සාපයක් පලදීලා
තුන් බියෙන් රට ඇළලීලා
ජන හඬින්
මහ මඟ පිරෙනා
ගිනිගැනී මුළු රට දැවෙනා
සුව පහසු මන්දිර තුළ වැදී
නෑසුන් කන්ව පාලකයින් නිදි
පරවේණියත් දිනු දෙරණේ
නොරටුන්ට පුදදුන් වරුණේ
දිය කෙළින මේ අම්බරුවෝ
නිරයට යවන් යම රජුනේ
මල්ලිකා එම් බණ්ඩාර
2. 04. 2022
No comments:
Post a Comment