නිදිගැට හැර නැඟී ගජතුන් දළ බිඳිමු
රුපුනොද බිඳින අසිපත් දුනු හී හදමු
උරතල පසා කර ඒ කවි ගී විදිමු
ජන අරගල බිමේ හෙට දිය දද නඟමු!
මඩ ගොහොරුවෙන් ලක්මෑණිය ගොඩගනිමු
සූකර රැලම අවමානෙන් පිටුදකිමු
නව යුගයකට නව මංපෙත් ඉදිකරමු
පෙරදිග මුතු ඇටය බැබලෙන්නට හරිමු
අභිමානවත් ජාතියකට දුන් සෙවණ
නරාකාදියක් කළ මිහිමත ගිනි ගැනුණ
සොරමුළ හඹන්නට මඟ පෑගුන වැටුණ
දුහුවිලි ගසා නැඟිටිව් දරුවෙනි තරුණ!
මල්ලිකා එම් බණ්ඩාර
26. 04. 2022
No comments:
Post a Comment