අගසස් නෙළා වළඳන්නට අගපලය
සපුරා ගත යුතුය ජනතා අරගලය
ඉහමොළ ඉරූ පර පීඩක හැතිකරය
පලවා හරින දුනුදිය නව පරපුරය
දසතින් ඇහෙද්දී අවමන් නව නින්දා
මුනිවත රකිති මැදමුලනේ මහ උන්දා
සිව්බෑ වසලයින් ගෙල වද මල් බන්දා
පලවා හරිව් වද බෙර වයමින් කැන්දා
නටා කාබී ඔහේ හිටි උන් අවදී වී නිදිගැට
හැරා
අපේ දේශය අපේ ජාතිය රැකෙන්නට හැකි දිරි
දරා
බලව් දිරිබර නැවුම් ජීවය වෙහෙස වෙන දිව
රෑ පුරා
රැඳෙව් පවුරක් සේ උරින් උර සාමයේ අවි
හිත දරා
බඳින වැට කඩොළු බිඳ පණ ගසා නැඟිටිනා
කඩු කිණිසි දුනු දියෙන් පද හරඹ ඉගිළෙනා
නොනවතින අරගලය දිවාරෑ නොනිදනා
නිදහසේ ගී ගයව් ගත රුහිරු කකියනා
මල්ලිකා එම් බණ්ඩාර
3. 05. 2022
No comments:
Post a Comment