වසා මං පෙත් කොටු පවුරු බැඳ
ලවා කටු බැමි අවුරලා
සොරාගත් ලොව දිනාගන්නට
වහල් කම සිත දුරලලා
එකාවන්වී පියාඹන්නට
තටුසලන මගෙ දරුවනේ
නොකා කුසකට දිවා රෑදෙක
මඟතොටේ රැඳි විරුවනේ
ගඳ කළල් මැඬ නැඟී දිරියෙන්
හිඳින නුඹලා දුටු වෙලේ
කඩා වැටුණා මගේ හදවත
පුතේ නුඹලගේ පාමුලේ
උපන් නූපන් දැයක අසිරිය
දකිනු රිසියෙන් තුන්හෙලේ
සුවහසක් නව මල් පිපේවා
දැයක නිවහල් විල් තලේ
මල්ලිකා එම් බණ්ඩාර
27. 06. 2022

No comments:
Post a Comment