Monday, 27 June 2022

අරගලේ

 


වසා මං පෙත් කොටු පවුරු  බැඳ 

ලවා කටු බැමි අවුරලා

සොරාගත් ලොව දිනාගන්නට 

වහල් කම සිත දුරලලා

 

එකාවන්වී පියාඹන්නට​

තටුසලන මගෙ දරුවනේ

නොකා කුසකට දිවා රෑදෙක​

මඟතොටේ රැඳි විරුවනේ

 

ගඳ කළල් මැඬ නැඟී දිරියෙන්

හිඳින නුඹලා දුටු වෙලේ  

කඩා වැටුණා මගේ හදවත  

පුතේ නුඹලගේ පාමුලේ

 

උපන් නූපන් දැයක අසිරිය

දකිනු රිසියෙන් තුන්හෙලේ

සුවහසක් නව​ මල් පිපේවා

දැයක නිවහල් විල් තලේ 

 

මල්ලිකා එම් බණ්ඩාර​

27. 06. 2022

No comments:

Post a Comment