Thursday, 16 June 2022

නවෝදය​



තළා කටු සැමිටියෙන්

මඟ දිගේ අඩනිරුවතින්

ලොවක් අභියස දූෂණය කර​

කෙළගසා ඇණ ගසා

කුරුසගත ක​ළ​ මියැදෙන්න

දේශයේ ආත්මය

උත්තානවී හිඳී

පණගසා නැඟිටින්න

මුවදොරින් ගිඟුම් දී

අහස් ගැබ පුපුරන්න​

නිදහසේ  විරු ගීත​

සිසාරා ජපවෙන්න​

වහල් බැමි සිඳ දමා

විලංගුව බිඳ ලන්න​

දැන් ඉතින් කාලයයි

නවමු මල් පූදින්න​

 

 මල්ලිකා එම් බණ්ඩාර​

21. 04. 2022

No comments:

Post a Comment