වහල්ලු සහ ස්වාමිවරු
(හෙවත් අප්‍රේල් 9 වන දින, ගෝඨාගෝ ගමේ අරගලයට පහර දෙන්නට පැමිණි
තරුණ පියාගේ හෘද සාක්‍ෂිය)
කුළුඳුල් පුතුගෙ සියුමැළි තොල් පෙති සඟළේ
තෙතමනයක් නැතිව හඬනා කිරි කඳුළේ
උල්පත හිදී කිරි පීරක ළය මඬළේ
බිරිඳත් හුම්බතින් හිත ගිනි ගෙන ඇවිළේ
මහ බලවතා ගම්මානෙට ඇවින් ගිය
කපලා දමන බව කීවා සමුර්දිය
වැඳලා කියන්නම් සත්තයි සහුර්දය
දාහේ කොළ දෙකට මගෙ හිත වහල් විය!
වේලේ දෙවේලේ උහුලා කුස ගින්න
ගෝටාගෝ ගමට ඇවිදින් මොර දෙන්න
මගෙ පන්තියේ මිනිසුන් මං බැස ඉන්න
තුන් හිතකවත් නෑ ගහලා එලවන්න
හවසට ඉන්න කිරිපිටි පෝලිම ගාවා
නැතිබැරිකමට එන්නන් වාලේ ආවා
කඳුළුයි ගුටියි දෙක හරි හරියට කෑවා
මට ජීවිතය දුන් සොයුරන් බුදුවේවා!
මල්ලිකා එම් බණ්ඩාර
10. 05. 2022
No comments:
Post a Comment