Friday, 24 June 2022

ඇඳීම සහ ඇන්දවීම​

 තෙල් හිඳී ගිහින් පතුළට​

පහන් තිර ඇළී අළුයට​

යාන්තමට දැල්වෙන

ගිනි සිළුව වැනෙනවා

අතීත සිරි විභූතියක 

නෙක විසිතුරු ගුණ වරුණා

සුරංගනා කතා පෙළක 

මතක මැදින් තළු මරණා

පුරාවතක් වැටී 

මරණ මංචකයක දුක් විඳිනා 


සුවඳ දුම් දෙවා මොනවට​

 ​පව් කඳන් හුයෙන් බඳිනා 

සෙත් පිරිත් පැනින් දොවනා

අසපු මාළිගේ 

පංච කාම සම්පත් විඳ​

පෙරමුණේ වැඩිය යතිවරු

කෝටියක් උතුරු සංවර සීලෙ බිඳිනවා

 

දරා ගිනි පුළිඟු හිස මත​

ගොල්ල වරිගෙ රැකගන්නට

රාජකීය මැති ඇමතින්  

පේවීලා සපිරිවර  හා

කිරුළ රකින්නට​ 

තිරුපති වඳින්ට යනවා

 

හොර මුළ​ක් වැදී රජගෙට

කොල්ල කා සියළු යසිසුරු

තල්ලු කළෙන් රට අඳුරට​

ඇඳි වතත් තියා උගසට

යන්ට කල් ඇවිත් මඟ තොට​

අල්ල පා හිඟා කන්නට​

කොල්ලනේ වරෙව්!

 

පළඳලා සිරස මල් දම්

නටා නෙක බහුරු කෝලම්

වළඳලා නේක කම් සුව​

පිරිහිලා කරපු පෙර පින්

ඉරාගෙන සළුව සබයේ

යම පුරේ යන්ට 

නිරිඳුන් දවස් ගණිනවා

 

මල්ලිකා එම් බණ්ඩාර​

1.02.2022

No comments:

Post a Comment