ධන නිදන් මංකොල්ලකා
වෘක වෙස් ගත් එඬේරා
ඇඳි වතපුරා ලේ තැවරිලා
රැහැම එක්වී වික්ක උරුමය
ඔප්පු සන්නස් ලියවලා
දැක්කුවා රන්මසුද වත්කම්
රටම සාගින්නේ තියා
බුදුන්ටත් නෑකම් තනාදී
ස්වේතාම්බර සළු පට ගොතා
ඇන්දුවා ගණමූල නායක
අගුවෙ දංකුඩ කෑ යකා
වන්දනා කළ දේව පිළිමය
සුනාමියකට අහුවෙලා
යළිත් පිළියම් නොවන තරමට
බිඳෙන් බිඳ ගියෙ දියවෙලා
කලියුගය දැන් එළඹිලා
ඒ ගොනා දැන් විකුණලා
තප්පු ගහලා යවන්නට පෙර
යන්න දැන්වත් අප්පුලා!
බලු කපුටු දානයක් ගානයි
කුළල් කන බල අරගලේ
අරාජකවූ දැයේ පැතුමයි….
සුදු පරෙවියෙක්!
ඔලිව් අත්තක්!
මල්ලිකා එම් බණ්ඩාර
28. 04. 2022
No comments:
Post a Comment