Tuesday, 14 June 2022

පන්දම් පාලිය


 

පාවඩ එලා ඝාතක චෞර රැලකට​

නාටක නටන්නට අනුබල දුන්න කොට​

සාටක සාපයෙන් මුදවන පිණිස රට​

හොරදෙටුවන් යවමු දැන්වත් සිපිරිගෙට

 

කෑදර කපුටු ජනපදයක් සයින් බට​

උකහා බී රුහිරු දැයකට විනේ කැට​

තප්පු ගසා නහ විද ඇද​ තෝන් පට

දැක්කිය යුතු නැද්ද​ පරපුටු පවුල හෙට​?

 

සාටක රැහම බලයෙන් නෙරපා හරිනූ

වෙල්ලෑවේ දමා ලේ පැල්ලම් හරිනු

නාටක නැටූ සළුපිළි ලිහලා දමනු

පන්දම් පාලියට​ අවසන් තිත තියනු!

 

මල්ලිකා එම් බණ්ඩාර​

28. 04. 2022


No comments:

Post a Comment