පාවඩ එලා ඝාතක චෞර රැලකට
නාටක නටන්නට අනුබල දුන්න කොට
සාටක සාපයෙන් මුදවන පිණිස රට
හොරදෙටුවන් යවමු දැන්වත් සිපිරිගෙට
කෑදර කපුටු ජනපදයක් සයින් බට
උකහා බී රුහිරු දැයකට විනේ කැට
තප්පු ගසා නහ විද ඇද තෝන් පට
දැක්කිය යුතු නැද්ද පරපුටු පවුල හෙට?
වෙල්ලෑවේ
දමා ලේ පැල්ලම් හරිනු
නාටක
නැටූ සළුපිළි ලිහලා දමනු
පන්දම්
පාලියට අවසන් තිත තියනු!
මල්ලිකා
එම් බණ්ඩාර
28.
04. 2022

No comments:
Post a Comment